Thursday, November 3, 2016

ආර්ථික විද්‍යාව හැදින්වීම

ආර්ථික විද්‍යා නිර්වචන

ඇඩම් ස්මිත් - 1776
“ආර්ථික විද්‍යාවයනු දනය පිලිබද හදාරන විද්‍යවයි.”

ඇල්ෆ්‍රඩ් මාර්ෂල් - 1922
“මිනිසුන් තම එදිනෙදා ජීවිතයේ සුබසාදනය ඉහල යාමට ඉවහල් වන පරිදි ද්‍රව්‍යාත්මක වුවමනා සපුරා ගන්නා ආකාරය පිලිබද අද්‍යනය කිරීමයි“

ජෝන් මෙනාඩ් කේන්ස් - 1936
“ආර්ථික විද්‍යාව යනු චින්තන ක්‍රමයකි. සම්පත් සීමා සහිතතත්වයෙක් යටතේ ඉවරදිව තෝර ගැනීමටත් ඒතුලින් සමාජයට අතිවන ප්‍රතිලාභ විග්‍රහ කිරීමටත් පුහූනු කෙරෙනක චින්තන ක්‍රමයකි.”

පොදු නිර්වචනය
“අසීමිතවූ අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා සීමිතවූ සම්පත් උපරිම කාර්ක්ෂමව හා සපලදායී ලෙස යොදාගන්නේ කේසේදැයි අද්‍යනය කරන විශය ආර්ථික විද්‍යාව වේ.‍”

ආර්ථික විද්‍යාව විද්‍යාවක් ද පැහැදිලි කරන්න.

ඔව්. ආර්තික විද්‍යාව තුල නිරීක්ෂණය සහ පර්යේෂණය තුලින් දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා එමගින් තීරණ වලට එලබීම සිදු කල හැකි නිසා අනෙකුත් විද්‍යාන් මෙන් ආර්ථික විද්‍යාව ද විද්‍යාව කි.

ආර්ථික විද්‍යා විශය හැදැරීමේ වැදගත්කම

  • රාජ්‍ය පාලනයේදී වැදගත් වීම
  • සාර්ථක පුරවැසියෙකු වීම සදහා
  • ආර්ථික සංසිද්දි හොදින් තේරුම් ගඇනීම සදහා
  • නිශ්පාදන, පරිබෝජන, අයෝජන තීරණ ගැනීමට
  • සාර්තක චන්ද දායකයෙකු වීම සදහා
  • හොද රැකියාවක් ලබා ගැනීම සදහා 
  • ගෝලීය ආර්ථිකය තේරුම් ගැනීම සදහා

යථානුරූපී සහ අභිමතානුරූපී

යථානුරූපී ප්‍රකාශන/ ප්‍රතිජානන ප්‍රකාශන යනු කුමක්ද?


පවතින තත්වය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම මෙය වේ. එනම් යම් ආර්ථික සංසිද්දියක් ඉදිරිපත් කිරීම හෝ විචල්‍යන් 2 ක් අතර පවතින සම්බන්දය ඉදිරිපත් කිරීම වේ.

උදා. 
  • ආර්ථික වර්දන අනුපාතය 2% කි.
  • ලංකාව වර්ධනය වන රටකි
  • මෙරට දුම් පානය සිග්‍රයෙන් පහත බසී
(සත්‍ය සිදුවීමක්නම් එය යතානුරූපි වේ. මෙය MCQ ප්‍රශ්න සදහා ඔබට උපකාරී වේවි)


අභිමතානුරූපී ප්‍රකාශන යනු කුමක්ද?

පැවතිය යුතු තත්වය පිලිබද ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන ප්‍රකාශන අභිමතානුරූපී ප්‍රකාශන වේ. මෙය දැඩිව ඉදිරිපත් කරයි.

උදා. 
  • මෙරට ආර්ථික වර්දන අනුපාතය 12% ක් විය යුතුය.
  • ලංකාව ආසියාවේ සංවෘදිත රටක් විය යුතුය
  • මෙරට දුම් පානය නැවැත්විය යුතුයි.
(මෙහිදී විය යුතු බව ප්‍රකාශ වේ. උබගේ පහසුවසදහා කලින් යතානුරූපි උදාහරණ වලට ගැලපෙන අයුරින් මෙහි අභිමතානුරූපි උදාහරණ ඉදිරිපත් කොට ඇත.)