Thursday, November 3, 2016

ආර්ථික විද්‍යාව හැදින්වීම

ආර්ථික විද්‍යා නිර්වචන

ඇඩම් ස්මිත් - 1776
“ආර්ථික විද්‍යාවයනු දනය පිලිබද හදාරන විද්‍යවයි.”

ඇල්ෆ්‍රඩ් මාර්ෂල් - 1922
“මිනිසුන් තම එදිනෙදා ජීවිතයේ සුබසාදනය ඉහල යාමට ඉවහල් වන පරිදි ද්‍රව්‍යාත්මක වුවමනා සපුරා ගන්නා ආකාරය පිලිබද අද්‍යනය කිරීමයි“

ජෝන් මෙනාඩ් කේන්ස් - 1936
“ආර්ථික විද්‍යාව යනු චින්තන ක්‍රමයකි. සම්පත් සීමා සහිතතත්වයෙක් යටතේ ඉවරදිව තෝර ගැනීමටත් ඒතුලින් සමාජයට අතිවන ප්‍රතිලාභ විග්‍රහ කිරීමටත් පුහූනු කෙරෙනක චින්තන ක්‍රමයකි.”

පොදු නිර්වචනය
“අසීමිතවූ අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා සීමිතවූ සම්පත් උපරිම කාර්ක්ෂමව හා සපලදායී ලෙස යොදාගන්නේ කේසේදැයි අද්‍යනය කරන විශය ආර්ථික විද්‍යාව වේ.‍”

ආර්ථික විද්‍යාව විද්‍යාවක් ද පැහැදිලි කරන්න.

ඔව්. ආර්තික විද්‍යාව තුල නිරීක්ෂණය සහ පර්යේෂණය තුලින් දත්ත රැස් කිරීම, විශ්ලේෂණය කිරීම හා එමගින් තීරණ වලට එලබීම සිදු කල හැකි නිසා අනෙකුත් විද්‍යාන් මෙන් ආර්ථික විද්‍යාව ද විද්‍යාව කි.

ආර්ථික විද්‍යා විශය හැදැරීමේ වැදගත්කම

  • රාජ්‍ය පාලනයේදී වැදගත් වීම
  • සාර්ථක පුරවැසියෙකු වීම සදහා
  • ආර්ථික සංසිද්දි හොදින් තේරුම් ගඇනීම සදහා
  • නිශ්පාදන, පරිබෝජන, අයෝජන තීරණ ගැනීමට
  • සාර්තක චන්ද දායකයෙකු වීම සදහා
  • හොද රැකියාවක් ලබා ගැනීම සදහා 
  • ගෝලීය ආර්ථිකය තේරුම් ගැනීම සදහා

යථානුරූපී සහ අභිමතානුරූපී

යථානුරූපී ප්‍රකාශන/ ප්‍රතිජානන ප්‍රකාශන යනු කුමක්ද?


පවතින තත්වය ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීම මෙය වේ. එනම් යම් ආර්ථික සංසිද්දියක් ඉදිරිපත් කිරීම හෝ විචල්‍යන් 2 ක් අතර පවතින සම්බන්දය ඉදිරිපත් කිරීම වේ.

උදා. 
  • ආර්ථික වර්දන අනුපාතය 2% කි.
  • ලංකාව වර්ධනය වන රටකි
  • මෙරට දුම් පානය සිග්‍රයෙන් පහත බසී
(සත්‍ය සිදුවීමක්නම් එය යතානුරූපි වේ. මෙය MCQ ප්‍රශ්න සදහා ඔබට උපකාරී වේවි)


අභිමතානුරූපී ප්‍රකාශන යනු කුමක්ද?

පැවතිය යුතු තත්වය පිලිබද ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන ප්‍රකාශන අභිමතානුරූපී ප්‍රකාශන වේ. මෙය දැඩිව ඉදිරිපත් කරයි.

උදා. 
  • මෙරට ආර්ථික වර්දන අනුපාතය 12% ක් විය යුතුය.
  • ලංකාව ආසියාවේ සංවෘදිත රටක් විය යුතුය
  • මෙරට දුම් පානය නැවැත්විය යුතුයි.
(මෙහිදී විය යුතු බව ප්‍රකාශ වේ. උබගේ පහසුවසදහා කලින් යතානුරූපි උදාහරණ වලට ගැලපෙන අයුරින් මෙහි අභිමතානුරූපි උදාහරණ ඉදිරිපත් කොට ඇත.)

Thursday, October 13, 2016

ආරම්භය

A/l commerce කරන ඔයාලට....


    වානිජ්‍ය විශය ධාරාවෙන් අ.පො.ස උසස්පෙළ විභාගය ලියන නංගිලා මල්ලිට විභාගය සාර්තකව ලියන්න මේ notes ටික ගොඩාක් උදව් වෙයි කියල මන් හිතනවා. මේවයේ අඩුපාඩු තියෙන්න පුලුවන්. ඒ සහ ඔයාලගෙ අදහස් පල්ලෙහායින් comment කරන්න.

   වානිජ්‍ය විශය ධාරාවෙන් උසස්පෙළ විභාගයට ප්‍රදාන විශයන් 3ක් අතුලත් වෙනවා.


  • ආර්ථික විද්‍යව
  • ව්‍යාපාර අද්‍යනය
  • ගිණුම්කරණය


   මන් මුලින්ම ආර්ථික විද්‍යව විශය ගැන short notes ටික ලියන්නම්. ඒක ටිකක් ලියාගෙන යද්දි අනිත් විශයන් දෙකත් ලියන්නම්. A/L ලියන ඔයාලට තේරුම්ගන්න ලේසි විදියට මන් ලියන්න පුලුවන් සරලම විදියට ලියන්නම.

  ඊළඟ post එකේදි econ syllabus එක හදුන්වල දුන්නොත් හොදයි කියල හිතනව. මොකද syllabus එක දන්නෙ නතුව subject එක ඉගෙනගෙන වැඩක් නෑ... ඊටපස්සෙ paper එකේ ලකුණු හැදෙන විදිය ගැනත් දාන්නම්.. එතකොට මොන මොන ප්‍රශ්න වලටද වැඩියෙන්ම මහන්සි වෙන්න ඕනෙ කියල ඔයාලට අදහසක් ගන්න පුලුවන්.

   ඔන්න මම නම් a/l ලියල ඉවරයි. දැන් තියෙන්නෙ ඔයාලගෙ වාරේ.... a/l කියන්නෙ එච්චර අමාරු දෙයක් නෙමෙයි. ටිකක් මහන්සිවෙන්න. ඒත් එක්කම මේ notes ටිකත් follow කරන්න. ඔයා මහන්සි වෙන විදියට ඔයාට results ලැබෙයි. මේකෙ මොනහරි තේරෙන්නෙ නැති දෙයක් තියෙනවනම් මට mail එකක් එවන්න. මේ තියෙන්නෙ මගෙ mail එක.. udeshkavinda@outlook.com නැත්තම්  inbox කරන්න. මන් මේක ලියන්නෙ මන් ඉගෙනගත්තු විදියට.. ඔයාල ඊට වඩා ලෙසි විදියක් තියෙනවනම් මට එවන්න....

   දැනට notes ටික type කරල එවන්නම්. ඉස්සරහට site එක update කරන්න බලපොරොත්තු වෙනව. එතකොට හැම article එකකම PDF file එක download කරල print out අරගන්න.  Site එකේ එල්ලිල ඉන්නවට වැඩිය පඩම් කරන්න  ඒක ලෙසි වෙයි.


ඊලඟ post එකෙන් මුනගැහෙමු.....‍